අල් ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයෙකු මරුට

ඔක් 04, 2022

    ‍අල් ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයෙකු වන අබ්දුල්ලාහී නදීර් මරා දැමීමට සෝමාලියා රජය සමත්ව තිබෙනවා.

    අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක වී ඇත්තේ ඉකුත් සති අන්තයේ බවයි, එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

    අල්කයිඩා සංවිධානය සමග සබදතා පවත්වන අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානය පිහිටු වීමේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන්නේ ද, අබ්දුල්ලාහි නදීර් ය. අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ, අහමද් දිරියේ බව, විදෙස් වාර්තාවල දැක්වෙනවා. ඔහු අසනීප තත්වයෙන් පසුවන බව, සෝමාලියා ආරක්ෂක අංශ පවසනවා. අහමඩ් දිරියේගෙන් පසු ත්‍රස්ත සංවිධානයේ නායකයා වීමට නියමිතව සිටියේ අබ්දුල්ලාහි නදීර්.

    Latest News