පාප් වහන්සේගෙන් රුසියානු ජනපතිට ඉල්ලීමක්...

ඔක් 03, 2022

    යුක්රේනයේ සිදු කරන ප්‍රචණ්ඩත්වය සහ මනුෂ්‍ය ඝාතන නතර කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් ඉල්ලා සිටිනවා.

    පාප් වහන්සේ රුසියාවෙන් මෙලෙස සෘජු ඉල්ලීමක් සිදු කළ පළමු අවස්ථාව මෙයයි. රුසියා - යුක්රේන යුද්ධය දීර්ඝ කාලීනව පැවතීම සමස්ත ලෝකයටම දැඩි බලපෑමක් බව, පාප් වහන්සේ කියා සිටියා. යුද්ධය හේතුවෙන් සිදුව ඇති ලේ වැගිරීම් සහ ජනතාවගේ කදුළු තමා බලවත් කම්පාවට පත් කළ බවයි, උන්වහන්සේ ප්‍රකාශ කළේ.

    රුසියාව, යුක්රේනයේ ප්‍රදේශ 4 ක් ඈදා ගැනීම සම්බන්ධයෙන් ද ශුද්ධෝත්තම පාප් වහන්සේ සිය අප්‍රසාදය පළ කළා. ඉන් න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවදානමක් ද හට ගෙන ඇති බව, ඊයේ ඉරු දින දේව මෙහෙයේදී බැතිමතුන් හමුවේ උන් වහන්සේ පෙන්වා දුන්නා.

    Latest News