බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය අවසන්

ඔක් 03, 2022

    බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය අවසන් වී තිබෙනවා. දෙවැනි වටය පැවැත්වෙන්නේ, ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා අතරයි.  

    ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 9 දෙනෙකු ඉදිරිපත්ව සිටියා. එහෙත්, කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 ක මනාප සීමාවට ළඟාවීමට හැකියාවක් ලැබුණේ නැහැ.

    එබැවින්, තවත් මාසයකින් දෙවැනි වටය පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත්, පළමු වටයේ ලූලා ද සිල්වා සියයට 48 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, වත්මන් ජනපති ජෙයාර් බොල්සොනාරෝ හට ලබා ගැනීමට හැකි වූයේ සියයට 43 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

    මැතිවරණ විශ්ලේෂකයින් පවසන්නේ, මෙවර බ්‍රසීල ජනාධිපතිවරයෙන් හිටපු ජනාධිපති ලූලා ද සිල්වා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනු ඇති බවයි. වත්මන් ජනාධිපතිවරයට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.

    නමුත්, හිටපු ජනාධිපති ලූලා ද සිල්වා හට ජනතාවගෙන් ඇත්තේ, යහපත් ප්‍රතිචාරයක්. ඔහු, බ්‍රසීල ජනතාව මිලියන ගණනක් දුගී බවින් මුදාගත් නායකයෙක් ලෙසයි, හැඳින්වෙන්නේ.

    Latest News