"ඉයෑන්" ගෙන් ෆ්ලොරිඩාවට දැඩි බලපෑම්

සැප් 30, 2022

    "ඉයෑන්" සුළි කුණාටුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ‍ෆ්ලොරිඩා ප්‍රාන්තයට දැඩි බලපෑමක් සිදුව තිබෙනවා.


    ප්‍රාන්තයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 26 ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවකට විදුලිය නොමැති වීමෙන් විශාල පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.සුළගේ වේගය පැයට කිලෝ මීටර 120 ක් බව, එකසත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අතර, එක්සත් ජනපදයේ ජෝර්ජියා දකුණු සහ උතුරු කැරොලිනා ප්‍රාන්තවලට කුණාටුව ඇතුල්වීම පිළිබඳව අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා.

    කුණාටුව උතුර දෙසට පැයට සැපපුම් 10 ක පමණ වේගයකින් ගමන් කරමින් පවතින බැවින්, එම ප්‍රාන්තවල සිටින පුද්ගලයින්ට ගංවතුරු අවදානමක් ඇති විය හැකි බවට අනතුරු අගවා තිබෙනවා. ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඩොලර් බිලියන ගණනක හානියක් සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. විදේස් මාධ්‍ය වාර්තාවලට අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පුද්ගලයින් 12 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව බලධාරීන් පවසනවා. ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩියැස්ටින් පවසන්නේ, මේ දක්වා ගලවා ගැනීම් 700 ක් පමණ සිදු කළ බවයි. විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 30 සැප්තැම්බර් 2022 19:39

    Latest News