සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ‍ගිලි යාමෙන්, 77 දෙනෙකු මරුට...

සැප් 24, 2022

    සිරියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේදී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ‍ගිලි යාමෙන්, 77 දෙනෙකු මිය ගොස් ඇතැයි, එරට බලධාරින් පවසනවා. 

    අනතුරින් දිවි ගලවාගත් තවත් 20 දෙනෙකු සිරියාවේ ටාටස් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබනමින් සිටින බවයි, සිරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. බෝට්ටුවේ සංක්‍රමණිකයින් 150 ට ආසන්න පිරිසක් සිටි බවට අනුමාන කෙරෙනවා. සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුව ලෙබනනයේ ට්‍රිපෝලි වර‍යා නගරය අසළ පිහිටි මින්යා ග්‍රාමිය ප්‍රදේශයේ සිට යාත්‍රා කළ බවයි, වාර්තා වන්නේ.

    මෙම බෝට්ටුව සයිප්‍රසය දක්වා යාත්‍රා කිරීමට සැලසුම් කර තිබුණා‍. අනතුරට හේතුව තවමත් පැහැදිලි වී නැහැ. සිරියානු බලධාරින් පැවසුවේ හඳුනා නොගත් සිරුරු දේශසීමා හරස් මාර්ගයේ ලෙබනන් රතු කුරුස සංවිධානයට බාර දෙන බවයි. මියගිය පුද්ගලයින් සිරියානු සහ පලස්තීන ජාතිකයින්. මෙම පිරිසට කාන්තාවන් හා ළමුන් විශාල සංඛ්‍යාවක් සිටි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විපතට පත්වුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. 

    Latest News