මෙක්සිකොවේ වෙඩි තැබීමකින් 10ක් මරුට...

සැප් 23, 2022

    මධ්‍යම මෙක්සිකොවේ කර්මාන්ත කලාපයක සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    මෙක්සිකානු බලධාරින් සඳහන් කරන්නේ, එම කර්මාන්ත කලාපයට ඇතුළු වු සන්නද්ධ කණ්ඩායමක් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.  මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ, ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්ව සිටින මධ්‍යම මෙක්සිකෝවේ මෙවැනි සිදුවිම් නිරන්තරයෙන් වාර්තා වනවා.

    "ගුවානාවටොව්" ප්‍රාන්තයේ පිහිටි කර්මාන්ත කලාපයකදී ඉකුත් බදාදා රාත්‍රීයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බව, විදෙස් මාධ්‍ය පවසනවා. නව දෙනෙකුගේ සි‍රුරු වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී සොයාගත් බවයි, එ‍රට පොලිසිය පවසන්නේ. තවත් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බව සඳහන්. මෙම වෙඩි තැබීම බියගුලු ප්‍රහාරයක් ලෙස හෙළා දකිමින් ප්‍රාන්ත බලධාරින් පවසන්නේ, සාමය පවත්වගෙන යාමට සහ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගන්නා බවයි.

    Latest News