"අභ්‍යවකාශ සිහින" සිතුවම් කළ ජයග්‍රාහී ශිල්පීන්ට සම්මාන...

සැප් 17, 2022

    "අභ්‍යවකාශ සිහින එක්ව සිතුවම් කිරීමේ" ක්‍රියාකාරකමට එක්වූ තරුණ චිත්‍ර ශිල්පීන්ට සම්මාන පිරිනැමේ.

    සම්මාන ප්‍රදානය සහ "අභ්‍යවකාශය ගැන විමසීමේ" වැඩසටහන, චීන සහ විදේශීය යෞවනයන්ගේ සහභාගිත්වයෙන් බෙයිජිං නුවරදී පසුගිය දා පැවැත්විණ. චීන මාධ්‍ය සමූහයේ ආසියා-අප්‍රිකා කලාපීය භාෂා වැඩසටහන් මධ්‍යස්ථානය, චීන විද්‍යා හා තාක්ෂණ කෞතුකාගාරය සමඟ එක්ව මෙය සංවිධාන කළේය. 

    මොංගෝලියාව, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, තුර්කිය සහ කෙන්යාව යන රටවල තරුණ චිත්‍ර ශිල්පීහු මෙම වැඩසටහනට එක්වූහ.  චීනයේ විවිධ අභ්‍යවකාශ මොඩියුලයන් වන, "Mengtian", "Wentian", "Tianhe" සහ "Tiangong" යන නාමයන්ගෙන් සම්මාන නම්කර තිබීම විශේෂත්වයකි.  ජයග්‍රාහකයන්ට චීන ගගනගාමීන් අභ්‍යවකාශයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් පළකර තිබේ.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී විශේෂ වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට....

    Latest News