දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද දකුණු‍ කොරියාවෙන්...

සැප් 07, 2022

    ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද දකුණු‍ කොරියාවෙන් වාර්තා වනවා.

    එම සංඛ්‍යාව 99,737 ක්. එම කාලසීමාව තුළ එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 44 ක්.  කොවිඩ් වසංගතය ආරම්භයේ සිට දකුණු කොරියාවෙන් වාර්තා වූ සමස්ත කොවි‍ඩ් ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි 37 ලක්ෂයකට අධික වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 27,249 ක්. එරට කොවිඩ් එන්නත්කරණ අනුපාතය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් මරණ සංඛ්‍යාවේ පහළ වැටීමක් දක්නට ලැබෙන බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එරට මුළු ජනගහනයෙන් සියයට 86.3 කට මේ වන විට පූර්ණ එන්නත් ලබා දී අවසන්.

    Latest News