චීන භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 74 දක්වා ඉහලට... CNN

චීන භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 74 දක්වා ඉහලට...

සැප් 07, 2022

    පසුගිය දිනවල චීනයේ සිචුවාන් පළාතට බලපෑ භූ කම්පන තත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

    භූ කම්පන තත්වයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව,  259 ක්. තවත් 20 කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවයි, වාර්තා වන්නේ. භූ කම්පන තත්වයෙන් එරට ගොඩනැගිලි රැසකට ද, දැඩි හානි සිදු වී ඇති අතර, යටිතලපහසුකම්වලට ද, දැඩි අලාභ හානි වී ඇති බවයි, එරට බලධාරීන් පවසන්නේ. මේ තත්වයත් සමග පුද්ගලයින් 11,000 ක් පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආධාර ලබා දීමට ද රජය විසින් පියවර ගෙන තිබෙනවා.

    Latest News