යුරෝපයට ගෑස් සපයන රුසියානු නල මාර්ගයක් යළි වසා දැමේ...

සැප් 03, 2022

    ‍රුසියාවේ සිට ජර්මනිය වෙත සපයන නෝඩ් ස්ට්‍රිම් ගෑස් නල මාර්ගය සැලසුම් කළ පරිදි අද (03) සිට නැවත විවෘත නොකරන බව රුසියානු රාජ්‍ය බලශක්ති සමාගමක් වන ගෑස්ප්‍රෝම් සමාගම පවසනවා.  

    ගෑස්ප්‍රෝම් සමාගම පැවසුවේ "නෝඩ්ස්ට්‍රිම් එක" නල මාර්ගයේ ටර්බයිනයක තෙල් කාන්දුවක් දක්නට ලැබෙන බවයි. එම නිසා දින නියමයක් නොමැතිව ගෑස් නල මාර්ගය යළි වසා දැමුවා. නඩත්තු කටයුක්තක් සඳහා ගෑස්ප්‍රෝම් සමාගම විසින් "නෝඩ්ස්ට්‍රිම් එක" ගෑස් නල මාර්ගය පසුගිය දින තුන තුළ වසා තැබුවා. නෝඩ්ස්ට්‍රිම් ගෑස් නල මාර්ගය යුරෝපානු රටවල් රැසක් සම්බන්ධ කෙරෙනවා.

    යම් හෙයකින් එය ඉදිරි සතිය තෙක් වසා තැබුවහොත් යුරෝපයේ සිටින මිලියන ගණනාවක් ජනතාව මහත් පීඩාවඩ පත් වනු ඇතිබව  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුරෝපා සංගමය පවසන්නේ, රුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියාවට පනවා ඇති ආර්ථික සම්බාධකවලට ප්‍රතිචාරයක් ලෙස රුසියාව විසින් එරට බලශක්ති සැපයුම අවියක් ලෙස යොදාගෙන ඇති බවයි. කෙසේවෙතත් රුසියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.   

    Latest News