උතුරු කැලිෆෝනියාවේ ප්‍රදේශ ගණනාවකට ලැව් ගිනි...

සැප් 03, 2022

    උතුරු කැලිෆෝනියාවේ ප්‍රදේශ ගණනාවකට ලැව් ගින්නකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

    එරට බලධාරීන්, 7000කට අධික පිරිසකට දැනුම් දී ඇත්තේ, පදිංචි ස්ථානවලින් කඩිනමින් ඉවත්වන ලෙසයි. ලැව් ගින්නෙන් මේ වන විටත් නිවාස කිහිපයක් විනාශ වී ඇති බව, වාර්තා වනවා. ගින්න හටගෙන ඇත්තේ, “වීඩ්” නගරයට උතුරින් පිහිටි ප්‍රදේශය ආශ්‍රිතවයි. පැයට කිලෝමීටර 58ක පමණ වේගයෙන් හමා යන සුළං ප්‍රවාහයත් සමග ගින්න සෙසු ප්‍රදේශ කරා වේගයෙන් පැතිර යමින් පවතින බව බලධාරින් පවසනවා.

    ගින්නට හසුවීමෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, 7500ක් පමණ වූ පදිංචිකරුවන්ට බලධාරීන් දැනුම් දී ඇත්තේ, එම ප්‍රදේශවලින් කඩිනමින් ඉවත් වන ලෙසයි. ගිනි නිවන භටයින් 200ක පමණ පිරිසක් තත්වය පාලනය කිරීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. වර්ග කිලෝමීටර 3 දශම 6ක පමණ භූමි ප්‍රදේශයක් මේ වන විට ගින්නෙන් විනාශ වී ගොසින්.

    Latest News