ඇෆ්ගනිස්ථානයේ මිලියන 6 ක් සාගින්නෙන්...

අගෝ 31, 2022

    මිලියන 6 ක ජනතාවක් සාගින්නෙන් පෙළීමේ අවදානමක සිටින බවට අනතුරු අඟවමින් ඇෆ්ගනිස්ථානයේ සංවර්ධනය සඳහා අරමුදල් නැවතත් ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප ලේකම් පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා තිබෙනවා. 

    ගිය වසරේ තලෙයිබාන් සංවිධානය, ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගැනීමෙන් අනතුරුව මානුෂීය සංවිධාන සහ බටහිර රටවල් රැසක් ඇෆ්ගනිස්ථානය වෙතට ආධාර සැපයීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනු ලැබුවා.  කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානය මානුෂීය, ආර්ථික, දේශගුණික සහ මූල්‍ය අර්බුදවලට මුහුණ දීම හේතුවෙන් එළ‍ඹෙන මාසවලදී ඇෆ්ගනිස්ථානයට උපකාර කිරීම සඳහා පරිත්‍යාගශීලින් වහාම අමෙරිකානු ඩොලර් මිලියන 770 ක් ලබා දිය යුතු බව, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප ලේකම් මාර්ටින් ග්‍රිෆිට්ස් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුසිලයට පවසා ඇත.

    Latest News