කොරෝනා මර්දන එන්නත් සම්බන්ධයෙන් ෆයිසර් සහ මොර්ඩනා සමාගම් අතර මතභේද...

අගෝ 27, 2022

    ෆයිසර් සමාගම විසින් කොරෝනා වෛරසයට එරෙහි එන්නත සංවර්ධනය කිරිම සඳහා තම තාක්ෂණය අනවසරින් පිටපත් කර ඇති බවට මොඩර්නා සමාගම චෝදනා කරනවා. 

    ෆයිසර් සහ බයෝටෙක් ආයතන කොවිඩ් 19 එන්නත නිපදවීම සඳහා පදනම් කරගෙන ඇත්තේ එම්.ආර්.එන්.ඒ. තාක්ෂණයයි. ෆයිසර් එන්නත එක්සත් ජනපදය අනුමත කරන ලද පළමුවෙනි කොවිඩ් 19 යට එරෙහි එන්නතයි. එම එන්නත සංවර්ධනය කිරිමේදී, එහි පේටර්න් බලපත්‍රය උල්ලංඝනය කිරීම පිළිබඳව මොඩර්නා සමාගම ෆයිසර් සහ එහි ජර්මානු හවුල්කාර බයෝටෙක් ආයතනය වෙත නඩු පවරණ බව අවධාරණය කර සිටියා.

    මොඩර්නා සමාගම විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දිස්ත්‍රික් උසාවියකදී. ජර්මනියේ “ඩසල්ඩො‍‍ෆ්” ප්‍රාදේශීය අධිකරණයකද මෙම නඩුව ගොනු කිරීමට නියමිත බව මොඩර්නා සමාගම වැඩිදුරටත් පවසනවා. මොඩර්නා සමාගම පවසන්නේ 2015 සහ 2016 දී කොරෝනා වෛරසය සඳහා තම පේටර්න් බලපත්‍රය ලබා ගත් බවයි. එය 2010 වසරේ සිට දියුණු කරමින් තිබු තාක්ෂණයක් බවයි, ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරන්නේ.

    ෆයිසර් සහ එහි ජ‍ර්මානු හවුල්කාර බයෝටෙක් සමාගම් මෙම පැමිණිල්ල සම්පුර්ණයෙන්ම සමාලෝචනය කර ඇති අතර එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තම කනස්සල්ල පළ කර තිබෙනවා.

    Latest News