ඉතියෝපියාවේ ළමා පාසලකට එල්ලවූ ප්‍රහාරයකින් 07ක් මරුට...

අගෝ 28, 2022

    ඉතියෝපියාවේ ට්ග්රේ කලාපයේ ළමා පාසලකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    යුනිසෙෆ් සංවිධානය ප්‍රහාරය හෙළා දැක ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.   යුනිසෙෆ් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ කැතරින් රසෙල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්,  මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාළ ලබා ඇති බවයි,  වාර්තා වන්නේ. ප්‍රහාරය එල්ලවී ඇත්තේ, ඉතියෝපියාව හා ටිග්රේ කැරළිකරුවන් අතර පැවති සටන් විරාමයකින් අනතුරුවයි‍.  යුධ ගැටුම් හේතුවෙන් ටිග්රේ කළාපයේ ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින අතර,  එහි මුලු ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් ආහාර හිඟයෙන් පෙළෙන බව  යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා.

    Latest News