පකිස්ථානය තුළ හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කෙරේ...

අගෝ 27, 2022

    අධික මෝසම් වැසි හේතුවෙන් පකිස්ථානය තුළ හදිසි ආපදා තත්වයක්, ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ගංවතුර සහ අපදා තත්වය‍ හේතුවෙන් ‍මේ වන විට පකිස්තානයේ දහසකට ආසන්න පිරිසක් මියගොස් මිලියන 30කට වැඩි පිරිසක් අවතැන්වී සිටිනවා. ජාතික ආපදා කළමනාකරණය අධිකාරියට අනුව ජුනි මස මැද භා‍ගයේ සිට පකිස්ථානයට බලපෑ මෝසම් වැසි හේතුවෙන් පුද්ගලයින් 937 දෙනෙකු මේ දක්වා මිය ගොස් තිබෙනවා. එරට “බැලෝචිස්තාන්” පළාතේ විශාල ප්‍රදේශයක් තවමත් ජලයෙන් යට වී ඇතැයි වාර්තා වන්නේ. තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 1400කට ආසන්නයි. නිවාස 581,000කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. මිය ගිය අයගෙන් අඩකඩ වැඩි ප්‍රමාණයක් බැ‍ලෝචිස්තාන් සහ දකුණු සින්ද් පළාතේ වන බව බලධාරින් බවසනවා.

    පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ශරිෆ් සිය එක්සත් රාජධානියේ නිල සංචාරය කල්දමා තිබෙනවා. ඔහු තම මිත්‍ර රාජ්‍යයන් සහ ජාත්‍යන්තර ආයතනවලින් මූල්‍ය සහය ඉල්ලා තිබේ. පක්ස්ථානයේ පළාත් 4කට අයිති දිස්ත්‍රික්ක 100 අධික ප්‍රමාණයක් ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

    Latest News