චීනයට අධික උණුසුමක්...

අගෝ 26, 2022

    ‍චීන ජනතාව මේ වන විට සෙල්සියස් අංශක 40 ඉක්මවූ අධික උණුසුම් කාලගුණයකින් පීඩා  විඳිමින් සිටිනවා.

    එම තත්වය මගහරවා ගැනීම සඳහා එරට ජනතාව නිර්මාණශීලි ක්‍රමවේද වෙත යොමු වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. "චොංකිං සහ සීචුවාන්" නගර වැසියන්  උෂ්ණත්වය අඩු භූගත බංකර් හා ගුහා අවන්හල් වෙත යොමු වී සිටිනවා.  එම අවන්හල්, භූගතව නිර්මාණය කර ඇත්තේ සිසිල් පරිසරයක් පවතින ආකාරයෙන්.

    අතිශය සංවේදී සමක් පවතින චීන වැසියන්ට දරාගත නොහැකි උණුසුමින් පීඩා ‍නොවිද මෙම අවන්හල් වෙත පැමිණිය හැකියි. මේ වන විටත් බොහෝ පිරිසක් අවන්හල් වෙත පැමිණෙමින් සිටිනවා. ඔවුන් ඒ පිළිබඳ මහත් සතුටකින් පසුවන බවයි, වාර්තා වන්නේ.

    මේ වන විට ලොව රටවල් රැසක පවතින අධික උෂ්ණත්වය ඉතිහාසයේ දරුණුතම උෂ්ණාධික කාලගුණය බවට වාර්තා අතරට එක් වනු ඇතැයි, විද්‍යාඥයන් පවසනවා. චීනයද, දැඩි නියඟයකින් පීඩා විඳමින් සිටින්නේ, එරට දිගම සහ ලොව තෙවනුවට දිගම ගංඟාව ලෙස සැලකෙන යැංසි ගංඟාවත් සිඳී යමින් පවතින පසුබිමකයි.  

    Latest News