ෆින්ලන්ත අගමැතිනිය සම්බන්ධයෙන් ආන්දෝලනයක්

අගෝ 23, 2022

    ෆින්ලන්ත අගමැතිනිය සම්බන්ධයෙන් පසුගියදා මහත් ආන්දෝලනයක් හටගනු ලැබුවා. ඒ, ඇය සාදයකදී හැසිරුණු ආකාරය හේතුවෙන්. 

    කෙසේ වෙතත් එම අවස්ථාවේ ඇය මත්ද්‍රව්‍ය ලබාගෙන නොසිටි බවට, මේ වන විට තහවුරු වී තිබෙනවා. 

    ෆින්ලන්ත අගමැතිනි "සනා මරීන්" පසුගියදා මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා. ඒ, සාදයකදී ඇය හැසිරී තිබූ ආකාරය පිළිබඳව එල්ල වූ චෝදනා හේතුවෙන්. මේ සම්බන්ධයෙන් ඇය කියා සිටින්නේ, ඇය කිසිඳු අවස්ථාවක මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවයි. 

    පරීක්ෂණයට අදාළ වියදම් ද ඇය විසින් පෞද්ගලිකව පියවා ඇති බවයි, වාර්තා වන්නේ. පසුගියදා ෆින්ලන්ත සුපිරි පොප් තරුවක් සහභාගී වී ඇති මෙම සාදයේදී, මත්පැන් පානය කර සිටි බව ඇය පිළිගෙන තිබෙනවා.

    ලොව ලාබාලතම රාජ්‍ය නායකයෙක් වන ෆින්ලන්ත අගමැතිනි "සනා මරීන්" මෙවැනි සංගීත සන්දර්ශනවලට සහභාගී වන ආකාරය සහ නර්තයන් හි යෙදනෙ ආකාරය නිතර දක්නට ලැබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 23 අගෝස්තු 2022 10:19

    Latest News