'ඇලෙක්සැන්ඩර් ඩුගින්'ගේ දියණිය ඝාතනය ගැන යුක්‍රේනයට චෝදනා

අගෝ 23, 2022

    රුසියානු ජනාධිපතිවරයාගේ හිතවතෙක් සහ උපදේශකයෙක් වන "ඇලෙක්සැන්ඩර් ඩුගින්" ගේ දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුසියාව යුක්‍රේනයට චෝදනා කරනවා. රුසියාව පවසන්නේ, යුක්‍රේන හමුදාව මෙම ඝාතනය සිදුකළ බවයි.

    කාන්තාවන් දෙදෙනෙකු ප්‍රහාරයට පැමිණ ඇති අතර ඒ, මව සහ දියණිය බවයි රුසියාව පවසන්නේ. ඊට අදාළ වීඩියෝ දර්ශන මේ වන විට නිකුත් කර තිබෙනවා. යුක්‍රේනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත්, රුසියාව පවසන්නේ ඔවුන් පැහැදිලිවම යුක්‍රේනයේ සිට පැමිණි  බවයි.

    පසුව ඔවුන්, එස්ටෝනියාවට පළා ගොස් තිබෙනවා. මාධ්‍යවේදිනියක් වන "දාර්යා දුගීනා" ගමන්ගත් මෝටර් රථයේ රියදුරු අසුන යට  බෝම්බය අටවා තිබුණු බවයි, රුසියාව පවසන්නේ.

    "ඇලෙක්සැන්ඩර් ඩුගින්" මෙම රථයේ ගමන් කිරීමට සිතා සිටියත්,  අවසාන මොහොතේ දියණිය සමග ඔහු සිය රථය මාරුකරගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

    රුසියානු ජනාධිපතිවරයාගේ හිතවතෙක් සහ උපදේශකයෙක් වන "ඇලෙක්සැන්ඩර් ඩුගින්" දාර්ශනිකයෙක් සහ විද්වතෙක් වන අතර, ඇතැම් මාධ්‍ය ඔහු හඳුන්වා දෙන්නේ රුසියානු ජනාධිපති පුටින්ගේ ‌මොළය ලෙසයි. ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් "අලෙක්සැන්ඩර් ඩුගීන්" පවසන්නේ, මීට එකට එක කිරීම අනවශ්‍ය බවයි.

    Last modified on අඟහරුවාදා, 23 අගෝස්තු 2022 10:19

    Latest News