ජපානයේ දෛනිකව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි...

අගෝ 23, 2022

    ජපානයේ දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන බව, නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

    ජපානයෙන් අද වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ අසූ පන්දහස ඉක්මවා ගියා. එරටින් අද කොරෝනා මරණ 269ක් ද වාර්තා වූ බවයි, ජපාන සෞඛ්‍ය අංශ පවසන්නේ. ජපානයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද වන විට තිස්හත් දහසකට අධිකයි. වසංගතය ආරම්භයේ සිට එරටින් හඳුනා ගැනුණු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද එක්කෝටි හැත්තෑ තුන්ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

    Latest News