සෝමාලියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 13ක් මරුට... CNN

සෝමාලියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 13ක් මරුට...

අගෝ 21, 2022

    සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හෝටලයක් ඉලක්ක කර එල්ල කෙ‍රුණු බෝම්බ ප්‍රහාරයෙන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. 

    සෝමාලි ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර පැය 30කට ආසන්න කාලයක් දරුණු සටන් පැවති බව විදෙස් වාර්තාවල සඳහන්.  මියගිය සියලු දෙනා සිවිල් වැසියන් වන අතර, ප්‍රහාරය සිදුකරනු ලැබ ඇත්තේ අල්කයිඩා හිතවාදී අල් ෂබාබ් ත්‍රස්තවාදීන් විසින්. විදේශිකයින් අතර පවා ප්‍රසිද්ධ "හයාත්" හෝටලයට කඩාවැදී එහි සිටි සේවක සේවිකාවන් සහ රැඳී සිටි අමුත්තන් ප්‍රාණ ඇපයට ගැනීමටයි ත්‍රස්තවාදීන් ක්‍රියාකර ඇත්තේ. 

    එහිදී සෝමාලියා ආරක්ෂක අංශ ත්‍රස්තවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.  ප්‍රහාර අවසන්වූයේ සෝමාලි ආරක්ෂක අංශ අල් ෂබාබ් ත්‍රස්තවාදීන් සියලුදෙනා මරා දැමීමෙන් පසුව බව, එරට රජය නිකුත් කළ නිවේදනයක සඳහන්.  ගැටුම්වලින් තුවාල ලැබූ පිරිස 40දෙනෙක්. ඒ අතර,  ආරක්ෂක අංශ සාමාජිකයන්ද සිටින බවයි වාර්තා වන්නේ.  ගිණි අවි සහ පුපුරණ ද්‍රව්‍ය වලින් සන්නද්ධව සිටි ත්‍රස්තවාදීන් හෝටලයට කඩාවැදී තිබුණේ ඉකුත් සිකුරාදා. 

    ඒ අනුව, ඊයේ දිනය දක්වා දෙපාර්ශවය අතර ගැටුම් පැවතුණා. ආරක්ෂක අංශ බලය තහවුරු කරගන්නා අවස්ථාවේ ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවා ගත් බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.  අප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාව ආර්ථික මෙන්ම දේශපාලනිකව ද දුර්වල වූ රාජ්‍යයක්. අල් කයිඩා සමග සම්බන්ධවී අල් ෂබාබ් ත්‍රස්තවාදීන් සහ සෝමාලිය රජය අතර ගැටුම් පවතින්නේ වසර 15ක සිටයි.  එරට ජනාධිපති ලෙස හසාන් මොහොමද් රාජකාරී ආරම්භ කිරීමෙන් පසු අල් ෂබාබ් ත්‍රස්තවාදීන් සිදුකළ දරුණුතම ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ.   

    Last modified on ඉරිදා, 21 අගෝස්තු 2022 16:44

    Latest News