තුර්කියේ බස්රථ අනතුරකින් 16ක් මරුට

අගෝ 21, 2022

    තුර්කියේ ගිනිකොණ දිග ගැසියන්ට‍ඩ් පළාතේ බස්රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස්, ඇති බව විදෙස් මාධ්යව වාර්තා කරනවා.

    අනතුරින් තවත් පුද්ගලයින් 22 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. අනතුරින් මිය ගිය පිරිස් අතර ගිනි නිවන භටයින් තිදෙනෙකුද සෞඛ්යු සේවකයින් සිව් ‍දෙනෙකුද මාධ්යසවේදීන් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

    තුවාල ලැබු පිරිස් රෝහල්කරා ගෙන යාමට සෞඛ්ය සේවකයින් විසින් කටයුතු කර ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බවයි, වාර්තා වන්නේ.

    Last modified on ඉරිදා, 21 අගෝස්තු 2022 11:11

    Latest News