ඉරානයෙන් මිලිටරි ඩ්‍රෝන යානා තරගාවලියක්

අගෝ 16, 2022

    ඉරානය , මිලිටරි ඩ්‍රෝන යානා තරගාවලියක් ආරම්භ කර තිබෙනවා. එයට, රුසියාව, බෙලරුස් රාජ්‍ය සහ ආමේනියාව සහභාගී වනවා.


    ‍ සති දෙකක කාලයක් තරගාවලිය පවත්වන බව, ඉරාන බලධාරීන් පවසනවා. ඩ්‍රෝන යානාවල ඔත්තු බැලීමේ හැකියාව සහ ‍මිසයිල ඉලක්ක වෙත යොමු කිරීමේ හැකියාව මෙම තරගාවලියේ දී පරික්‍ෂා කෙරෙනවා. තරගාවලිය නම් කර ඇත්තේ “ෆැල්කන් හන්ටින් 2022 මිනිසුන් රහිත ගුවන් යානා තරගාවලිය” ලෙසයි. මෙය 2015 වසරේ දී රුසියාව පැවැත් වූ වාර්ෂික හමුදා ක්‍රීඩා තරගාවලියේ 7 වැනි කොටස වනවා. සාමය සහ මිත්‍රත්වය මෙන්ම, ගෝලීය ත්‍රස්තවාදය මැඩලීම සඳහා අනෙකුත් රටවල් සමග සහයෝගීතාවයෙන් කටයුතු කරන බව, සන්නිවේදනය සඳහා මෙම තරගාවලිය පවත්වන බවයි, ඉරාන බලධාරීන් පවසන්නේ.

    Latest News