සියළුම 'බෝයිං' පියාසරය නවතී

මාර් 14, 2019

    පසුගියදා සිදුවූ ගුවන් අනතුරත් සමඟ සියලුම බෝයිං 737 මැකැස් ගුවන් යානා, පියාසර කිරීම නතර කිරීමට බෝයිං සමාගම තීරණය කර තිබේ.

    යානයේ දෝෂ ඇති බවට පරීක්ෂණයක් මගින් හෙළිවීම මීට හේතුවයි. අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන ආයතන පවසන්නේ, මෙම යානාවල දෝෂ ඇති බවට චන්ද්‍රිකා දත්ත තොරතුරු ඔස්සේ ද සාක්ෂි ලැබී ඇති බවයි.

    මේ හේතුවෙන් තාවකාලිකව එම ගුවන් යානා පියාසර කිරීමෙන් වැලැක්වීමට පියවර ගෙන තිබේ. මාස 6ක කාලයක් ඇතුළත මෙම වර්ගයේ ගුවන් යානා 2ක් කඩා වැටිණ. මේ වන විට 'බෝයිං 737 මැකැස්' වර්ගයේ ගුවන් යානා 371ක් ලෝකයේ විවිධ ගුවන් සේවා භාවිත කරයි. බෝයිං සමාගම පවසන්නේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා, යානාවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට පියවර ගන්නා බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 10:13

    Latest News