යුරෝපානු රටවල් රැසක් දැඩි උණුසුම් කාලගුණයක්...

අගෝ 13, 2022

    යුරෝපානු රටවල් රැසක් දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වන විට ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා.

    නිරිත දිග ප්‍රංශයේ හට ගෙන ඇති ලැව්ගින්න මැඩ පැවැත්වීමට යුරෝපා රටවල් කිහිපයක් සහයට පැමිණ තිබෙනවා. මේ අතර, එංගලන්තයේ ඇතැම් ප්‍රදේශ ද දැඩි නියඟයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.  නිරිත දිග ප්‍රංශයේ හටගෙන ඇති ලැව්ගින්න, අධික උෂ්ණත්වය හේතුවෙන් සිඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින බව ප්‍රදේශීය බලධාන් පවසනවා.

    දින ගණනාවක සිට සක්‍රියව පවතින ලැව්ගින්න පාලනය කිරීමට යුරෝපානු රටවල් රැසක් සහයට පැමිණ තිබෙනවා. ලැව් ගින්න හේතුවෙන් හෙක්ටයාර 7400ක් පමණ විනාශ වී ගොසින්. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, 10000 ක පමණ පිරිසක් අවතැන් වී සිටින බවයි. මධ්‍යම පෘතුගාලයේ හට ගෙන ඇති විශාල ලැව්ගින්නක් මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් 1600ක පිරිසක් යොදවනු ලැබ සිටිනවා.

    ස්පාඤ්ඤයෙන් එවන ලද විශේෂ ගුවන් යානා 13ක් යොදා ගනිමින් ගින්න නිවා දැමීමට උපරිම ප්‍රයත්නය දරන බවයි, බලධාරින් පවසන්නේ. පෘතුගාලයේ "සේරා ද එස්ට්‍රේලා" ජාතික ‍වනෝද්‍යානයේ සියයට 15ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ගොසින්. අධික උණුසුම් කාලගුණය එංගලන්තයට ද දැඩිව බලපා තිබෙනවා. එරට රජය දකුණු, මධ්‍යම හා නැගෙනහිර එංගලන්තයේ ප්‍රදේශ රැසක් නියන් අවදානමකට පත්ව ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.      

    Latest News