අමෙරිකාවේ නිව්යෝක් නගරයේ පෝලීයෝ වෛරසය පැතිරයාමේ අවදානමක්...

අගෝ 13, 2022

    අමෙරිකාවේ නිව්යෝක් නගරයේ පෝලීයෝ වෛරසය පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා.

    එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, නගරයේ අපජලයේ තිබී වෛරසය පරීක්ෂණ මගින් මේ වන විට හඳුනාගෙන ඇති බවයි. අමෙරිකාව තුළ පෝලීයෝ වෛරස ව්‍යාප්තියක් දක්නට නොලැබුණු නමුත් නිව්යෝක් නගරයේ අපජලය ආශ්‍රිතව වෛරසය හඳුනා ගැනීම නිසා එය දේශීයව සංසරණය විය හැකි බව ‍සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙනවා.

    ඔවුන් පවසන්නේ පෝලීයෝ රෝගයට එරෙහිව තවමත් එන්නත් නොලද පුද්ගලයින් අතර පෝලීයෝ වෛරසය නිහඩව මේ වන  විටත් පැතිර යමින් පැවතිය හැකි බවයි. එම නිසා කඩිනමින් පෝලීයෝ එන්නත ලබා ගන්නා ලෙස බලධාරින් නිව්යෝක් නගර වැසියන්ට දැනුම්  දී තිබෙනවා.

    පෝලීයෝ සම්පූර්ණයෙන් වැළැක්විය හැකි රෝගයක් වන අතර වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් කිරීමේ වැදගත්කම පිළිබඳව අමෙරිකානු සෞඛ්‍ය බලධාරින් නැවත නැවතත් අවධාරණය කරනවා.

    Latest News