කෙන්ටකි ප්‍රාන්තයේ අයහපත් කාලගුණය මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට...

ජූලි 31, 2022

    අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එරට කාලගුණ විද්‍යා ‍අංශ පවසන්නේ, ජල ගැලීම් හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව තරදුරටත් ඉහළ යා හැකි බවයි. කෙන්ටකි ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 250 ත් 300ත් අතර තද වැසි පවතින බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට, කාලගුණ අංශ අනතුරු අඟවනවා. කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ, මෙම වැසි තත්ත්වය අසාමාන්‍ය තත්ත්වයක් බවයි. ආපදාවට ලක්වූ හා අතුරුදන්වූ පිරිස් කොපමණදැයි තවමත් නිශ්චිතව ගණනය කර නැහැ. මියගිය අය අතර කුඩා දරුවන් සිව් දෙනෙකු ද සිටින බව සඳහන්. ජල ගැලීම් නිසා ප්‍රදේශ රැසක මාර්ග දැඩි ලෙස විනාශ වී ඇති අතර, එම තත්ත්වයත් සමග පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කරවී තිබෙනවා

    Latest News