ස්පාඤ්ඤයේත් උද්ධමනය ඉහළ‍ට...

ජූලි 30, 2022

    ස්පාඤ්ඤයේ උද්ධමනය ඉහළ‍ගොස් ඇතැයි, එරට නවතම ආර්ථික දත්ත වාර්තා පෙන්වා දෙනවා.

    1984 වසරෙන් පසුව වාර්තා වූ එරට ඉහළම උද්ධමනය මෙය බවයි, එරට ආර්ථික විශේෂඥයින් පවසන්නේ.  රුසියා-යුක්රේවන යුද ගැටුම් හේතුවෙන් ඇතිවන ආර්ථීකමය බිඳවැටීම් සහ කොවිඩ් වසංගතය හමුවේ ක්‍රියාත්මක කරන ලද අගුළු දැමීම් වලින් පසුව ආර්ථිකයන් යළි විවෘත කිරීම හේතුවෙන් යුරෝපා රටවල උද්ධමනය මේ වන විට වාර්තාගත ලෙස ඉහළගොස් ඇති බව, ආර්ථික විශේෂඥයින් පවසනවා.

    ස්පාඤ්ඤ‍යේ පාරිභෝගික භාණ්ඩ මිල ගණන් 1984 වසරෙන් පසු ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ස්පාඤ්ඤ‍යේ ජාතික සංඛ්‍යා ලේඛන ආයතනය ඊයේ නිකුත් කරන ලද මූලික දත්ත මගින් පෙනී යන්නේ, ඉකුත් ජූනි මාසයේදි පැවැති සියයට 10.2ක් වූ අගයට සාපේක්ෂව මෙම මාසයේදී ‍එම මිල ගණන් සියයට 10.8ක් වූ අගයකින් ඉහළ ගොස් ඇති බවයි.  යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ස්පාඤ්ඤය ද යුක්‍රේන අර්බුදය සහ කොවිඩ් වසංගතයත් සමග ඇති වූ ආර්ථිකමය බිඳවැටීම හේතුවෙන් උද්ධමනයේ විශාල ඉහළ යාමකට මේ වන විට මුහුණ පාමින් සිටින බවයි, වාර්තා වන්නේ.

    ස්පාඤ්ඤ ආර්ථික අමාත්‍යවරිය, නාඩියා කල්වීනෝ අනතුරු අඟවන්නේ උද්ධමනය ස්පාඤ්ඤ ආර්ථිකය හමුවේ ප්‍රධාන අභියෝගයක්ව පවතින බවයි. ස්පාඤ්ඤ රජය පවසන්නේ, ඉහළ යන එරට උද්ධමනය පාලනය කිරීම සඳහා නව ආර්ථික පියවර මාලාවක් සැලසුම් කරමින් සිටින බවයි. මේ අතර යුරෝපා සංගමය සංඛ්‍යා ලේඛන ඒජන්සිය විසින් ඊයේ ප්‍රකාශයට පත්කරන ලද දත්ත මගින් පෙන්වා දෙන්නේ යු‍රෝපා කලාපයේ රටවල් 19ක වාර්ෂික උද්ධමනය, ඉකුත් ජූනි මාසයේදී පැවැති සියයට 8.6ක අගයට සාපේක්ෂව මෙම මාසයේදි සියයට 8.9ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    Latest News