අමෙරිකාවේ “කෙන්ටකි” ප්‍රාන්තයේ ඇති වූ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යා ඉහළට...

ජූලි 30, 2022

    අමෙරිකාවේ “කෙන්ටකි” ප්‍රාන්තයේ ඇති වූ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    දැනට වාර්තාවන මරණ ගණන 16ක්.  ගලවාගැනීමේ කණ්ඩායම් විපතට පත්වූවන් සහ අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් දියත් කර තිබෙනවා. ගංවතුර හේතුවෙන්, ව්‍යාපාරික ස්ථාන, නිවාස හා ආහාර විශාල ප්‍රමාණයකට හානී වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන බොහෝමයක් තවදුරටත් ජලයෙන් යට වී ඇති බවයි.

    දින දෙකක් මුළුල්ලේ නැගෙනහිර "කෙන්ටකි” ප්‍රාන්තයට විදුලිය විසන්ධි වී තිබෙනවා. සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලයින් 294 දෙනෙකු බේරාගෙන ඇති අතර, ජාතික ආරක්ෂක බලකාය විසින් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ගුවන් මගින් මුදාගත් බව,ප්‍රාන්ත බලධාරින් පවසනවා. ගංවතුර හා නායයෑම් හේතුවෙන් මාර්ග 27ක් අවහිර වී තිබෙනවා.

    මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ගලවා ගැනීමේ මෙහෙයුම් සහ විනාශ වූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා ෆෙඩරල් අරමුදල් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

    Latest News