1981 වසරෙන් පසු අමෙරිකාවේ වැඩිම භාණ්ඩ මිළ ඉහළ යාම වාර්තා වේ....

ජූලි 29, 2022

    අමෙරිකානු ආර්ථීකය මේ වසරේ දෙවැනි කාර්තුවේදීත් අඛණ්ඩව පසුබෑමකට ලක්වී තිබෙනවා.

    ලොව බොහෝ රටවලට මෙහි බලපෑම එල්ල වනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ. 1981 වසරෙන් පසු අමෙරිකාවේ වැඩිම භාණ්ඩ මිළ ඉහළ යාම මේ වන විට වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් අමෙරිකාවේ පොලී අනුපාත ඉහළ දැමීමට ද එරට මහ බැංකුව තීරණය කර තිබෙනවා. අමෙරිකානු මහ බැංකුව පවසන්නේ පොලී අනුපාතය ඒකක දශම 75 කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.

    ඒ සමග සඵල පොලී අනුපාතය 2.5% පමණ ඉහළ යනු ඇති බවටයි, අපේක්ෂා කෙරෙන්නේ. අමෙරිකානු මහ බැංකුව මාර්තු මස සිට ණය පොලී අනුපාත ක්‍රමානුකූලව ඉහළ නංවමින් සිටින්නේ උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. කෙසේ වෙතත් ඇතැම් විශ්ලේෂකයින් පවසන්නේ අමෙරිකාවේ දරුණු ආර්ථික අවපාතයක් ඇතිවීමේ අවදානමක්ද හටගෙන ඇති බවයි.

    Latest News