අරගලකරුවන් ඉරාක පාර්ලිමේන්තුවට කඩාවදී

ජූලි 28, 2022

    විරෝධතාකරුවන් පිරිසක් ඉරාක පාර්ලිමේන්තුවට කඩාවැදී තිබෙනවා. එරට පාර්ලිමේන්තුව විසින් අගමැතිවරයා නම් කිරීමත් සමග ඊට විරුද්ධ වූ පිරිස් පාර්ලිමේන්තුවට ඇතුළු වී විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

    පූජකවරයෙකු වන මුක්තාදා අල් සදාර් ගේ ආධාකරුවන් පිරිසක් මෙලෙස පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබෙනවා.

    ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් වැඩි බලයක් හිමිකරගත් ඔහුට අග්‍රාමාත්‍යධූරය ලබා නොදී ඔහුගේ විරුද්ධවාදියෙකු අග්‍රාමාත්‍ය ධූරයට නම් කිරීම ගැටුම් වලට හේතුවයි.  බැග්ඩෑඩ් අගනුවර අධි ආරක්ෂිත කලාපය බිඳ ඔවුන් මෙලෙස පාර්ලිමේන්තුවට ඇතුල් වී තිබෙනවා.

     වැදගත් ගොඩනැගිලි රැසක් මෙන්ම තානාපති කාර්යාල රැසක් පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේ.  ආරක්ෂක වළල්ල බිඳදැමූ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට ඇතුළු වී තිබෙනවා. ආරක්ෂක අංශ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කලද විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට හැකි වී නැහැ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජූලි 2022 11:29

    Latest News