පැය 24ක් තුළ ඉන්දියාවේ අකුණු අනතුරුවලින් 20ක් මරුට...

ජූලි 27, 2022

    ඉන්දියාවේ “බිහාර්” ප්‍රාන්තයේ අකුණු අනතුරුවලින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

    පැය 24 ක් ඇතුළත ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 8 කින් එම මරණ වාර්තා වීම විශේෂත්වයක්.  අද මෙන්ම හෙටත් “බිහාර්” ප්‍රාන්තයට ගිගුරුම් සහිත වැසි ඇති වන බව, එරට කාලගුණ අංශ අනතුරු අඟවනවා. අපදා කළමනාකරණ අධිකාරිය ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස, “බිහාර්” ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ඉන්දියාවට මෝසම් වැසි ඇති වන සමයේ සෑම වසරකම අකුණු සැර වැඳීමෙන් සිය ගණනක් මිය යන බවයි, වාර්තා වන්නේ. ‍ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ඉන්දියාවේ බොහෝ පිරිසක් එළිමහනේ වැඩ කිරීම, අකුණු සැර වැඳීමෙන් ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වීමට ප්‍රධාන හේතුව බව, විදෙස් වාර්තාවල සඳහන්. මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට ද “බිහාර්” ප්‍රාන්ත පාලනය තීරණය කර තිබෙනවා.

    Latest News