රාහුල් ගාන්ධි අත්අඩංගුවට

ජූලි 27, 2022

    ‍‍ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට‍ එ‍රෙහිව විරෝධතාවකට එක් වූ කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

    ඉන්දියාවේ  ප්‍රධාන විපක්ෂය වන්නේ, කොංග්‍රස් පක්‍ෂයයි. පක්ෂ සාමාජිකයන් එක්ව මෝදිගේ රජය විවේචනය කරමින් විරෝධතාවක නිරත වූයේ නවදිල්ලි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ රජයේ අමාත්‍යාංශ පිහිටි “රාජ්පාත්” ප්‍රදේශයේ මාර්ග අවහිර කරමින්. 

    විරෝධතාවට‍ හේතුවූයේ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් යළිත් වරක් රාහුල් ගාන්ධිගේ මව වන, ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි එරට මූල්‍ය බුද්ධි ඒකකයට කැඳවා ප්‍රශ්න  කරමින් සිටියදීයි.

    සෝනියා ගාන්ධිට පමණක් නොව රාහුල් ගාන්ධිට ද, මුල්‍ය වංචා ‍චෝදනා එල්ල වී තිබෙනවා.  මෙහිදී තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස්  වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 27 ජූලි 2022 15:03

    Latest News