පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්.... ALJAZEERA

පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්....

ජූලි 27, 2022

    පිලිපීනයේ ප්‍රධානම සහ වඩාත් ජනප්‍රියම දූපත වන “ලුසොන්” හි ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.

    සිව් දෙනෙකු මිය ගොස් 60 ක පමණ පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි, මෙතෙක් නිකුත් වී ඇති වාර්තාවල දැක්වෙන්නේ.  “ලුසොන්” දූපතේ වඩාත් ජනාකීර්ණ “අබ්රා ” පළාතේ භූකම්පනය හට ගැනුණා. එය, මැග්නිටියුඩ් ඒකක 7.1 ලෙස සටහන්ව තිබෙනවා.  “අබ්‍රා” පළාත භූකම්පනයේ අපකේන්ද්‍රය වුවද, ඊට කිලෝ මීටර 400 ක් දුරින් පිහිටි එරට මැනිලා අගනුවරට ද එහි ප්‍රබලත්වය දැනී තිබෙනවා.

    අගනුවර ගොඩනැගිලි රැසක් සෙලවෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂයණ ආයතනය මෙම භූකම්පනය මැග්නිටියුඩ් ඒකක 7.1 ලෙස සඳහන් කළද, යුරෝපීය මධ්‍ය ධරණී භූකම්පන මධ්‍යස්ථානය එය 7.2 ක් ලෙසත්, පිලිපීන ගිනි කඳු සහ භූවිද්‍යා ආයතනය, එය 7.3 ක් ලෙසත් සඳහන් කර තිබුණා. සහන සේවා මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති අතර, මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව, බලධාරීන් පවසනවා. ගොඩනැගිලි සහ රථ වාහන රැසක් ද විනාශ වී තිබෙනවා.

    Latest News