නයිජිරියාවේ වෙඩි තැබීමකින් 17ක් මරුට... africanews

නයිජිරියාවේ වෙඩි තැබීමකින් 17ක් මරුට...

ජූලි 23, 2022

    නයිජිරියාවේ වයඹ දිග "කට්සිනා" ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 5 දෙනෙකු ඇතුළු 17 දෙනෙකු මිය තිබෙනවා.

    300 දෙනෙකුගේ පමණ සමන්විත සන්නද්ධ කණ්ඩායමක්, මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ.  යතුරු පැදිවලින් පැමිණි මෙම කණ්ඩායම "කට්සිනා"ප්‍රාන්තයේ "කන්කාරා" නැමැති ප්‍රදේශයේ පොලිස් මුර පොළක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

    පොලිස් නිලධාරින් 5 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය බවයි, වාර්තා වන්නේ. ප්‍රථිප්‍රහාර හමුවේ පලා ගිය, එම කණ්ඩායම තවත් ප්‍රදේශ කිහිපයකට ද එල්ල කළ ප්‍රහාරවලින් තවත් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රාන්තය ප්‍රචණ්ඩත්වයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ.

    Latest News