යුරෝපයේ අධික උණුසුම හා ලැව්ගිනි හේතුවෙන් 1,700ක් මරුට...

ජූලි 23, 2022

    යුරෝපය පුරා පැතිර යන අධික උණුසුම් කාලගුණය සහ ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,700 දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    එම සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂක "හාන්ක්ස් ක්ලුගේ" නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.  එම නිවේදනයේ සඳහන් වන්නේ පෘතුගාලයෙන් සහ ස්පඤ්ඤයෙන් පමණක් මෙම මරණ වාර්තා වී ඇති බවයි. බ්‍රිතාන්‍යයේද 13 දෙනෙකු මිය ගොස් තිබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    අධික උෂ්ණත්වයට නිරාවරණය වීම සහ විජලනය මරණවලට හේතු වී තිබෙනවා. දරුවන්, ළමුන් සහ වැඩිහිටියන් මෙම අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි, වෛද්‍යවරුන් පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 23 ජූලි 2022 11:15

    Latest News