යූරෝ කලාපරටවල පොළි අනුපාත වසර 11 ට පසු ඉහළට...

ජූලි 23, 2022

    යූරෝ කලාපයට අයත් රටවල පොළි අනුපාත වසර 11 ට පසු ඉහළ නංවා තිබෙනවා.

    යූරෝපීය මහ බැංකුව එම රටවලට උද්ධමනය පාලනය කිරීමමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.
    2014 වසරේ සිට යුරෝ කලාපයේ පොළි අනුපාතය පැවතියේ සෘණ අගයක. යුරෝපානු මහ බැංකුව එහි ප්‍රධාන පොළී අනුපාතය සෘණ 0.5 සිට බිංදුව දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

    වසර කිහිපයක් මුළුල්ලේ යූරෝ කලාපයේ ආර්ථිකය යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. කොවිඩ් වසංගතය සහ යුක්රේයන - රුසියානු යුද්ධය හේතුවෙන් ඉන්ධන සහ බලශක්ති පිරිවැය ඉහළ ගොස් ඇති අතර, මේ වසරේ ජුනි දක්වා වූ මාස 12ක් තුළ පාරිභෝගික මිල දර්ශකය සියයට 8.6 කින් ඉහළ ගොස් තිබෙනවා. යුරෝපානු මහ බැංකුව මෙම තීරණයට එළඹීමට පෙර එංගලන්ත මහ බැංකුවේ සහ එක්සත් ජනපදයේ පෙඩරල් සංචිතවල පොළි අනුපාත ද උද්ධමනය පාලනය සඳහා ඉහළ දමා තිබෙනවා.

    Latest News