ලොව සමස්ත ආහාර නිෂ්පාදනයෙන් 25%ක් සපුරන චීනය...

ජූලි 22, 2022

    තම රට ලෝක ආහාර සුරක්ෂිතතාව රැකගැනීමේ සක්‍රිය බලවේගයක් බව චීනය අවධාරණය කරයි.  

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ, චීනය සිය ආහාර අවශ්‍යතා මැනවින් සපුරාගෙන ඇති අතර, ගෝලීය ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. ලොව ප්‍රධානතම ආහාර නිෂ්පාදන රට වශයෙන්, ගෝලීය වගාබිම්වලින් 9%ක ප්‍රමාණයක් පමණක් සතු වුව ද, ලොව සමස්ත ආහාර නිෂ්පාදනයෙන් 25%කට චීනය දායක වී තිබීම විශේෂත්වයකි.  

    මේ වසරේ කොවිඩ් වසංගතය, අයහපත් කාලගුණික තත්ත්ව හා භූ දේශපාලන ගැටුම් යනාදී සාධක හේතුවෙන් ගෝලීය ආහාර නිෂ්පාදනයට බරපතල බාධා එල්ල වී ඇත. මෙවන් පසුබිමක් යටතේ චීනය ගෝලීය සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරිපත් කරමින් රටවල් අතර පවතින වැදගත් ම සහයෝගිතා ක්ෂේත්‍ර 8ක් අතරට ආහාර සුරක්ෂිතතාව ඇතුළත් කර තිබෙන බව වං වෙන් බින් මහතා එහිදී පැවසීය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දකුණු-දකුණු සහයෝගිතා රාමුව යටතේ විශාලතම මූල්‍ය ආධාර සපයන, වැඩිම විශේෂඥයින් සහ ව්‍යාපෘති සංඛ්‍යාව ඇති සංවර්ධනය වෙමින් පවතින රට වන්නේ චීනය බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    අරෝෂා සමරදිවාකර - චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News