ඉතියෝපියානු ගුවන් යානයක් 157ක් සමඟ කඩා වැටේි

මාර් 10, 2019

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගමන් ගනිමින් සිටියදී හදිසියේ කඩා වැටී තිබේ.

    අඩිස් අබාබා අගනුවරින් නික්මුණු බෝයිං 737 වර්ගයේ මෙම යානයේ මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටි බව සඳහන්වේ. අනතුර සිදුවූ ස්ථානය හෝ එය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත.

    යානයේ ගමන්ගත් මගීන්ගේ පවුල් වෙත ඉතියෝපියානු අග්‍රාමාත්‍ය කාර්යාලය කණගාටුව පළ කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඉතියෝපියානු ගුවන් සේවය අප්‍රිකාවේ විශාලතම ගුවන් සේවය වන අතර, මහද්වීපයේ පිවිසුම් දොරටුව බවට පත්වීමේ අරමුණින් සිය මෙහෙයුම් පසුගිය කාලය තුළ පුළුල් කෙරිණ.

    Latest News