රුසියානු හා යුක්‍රේන හමුදාව අතර දරුණු සටන්...

ජූනි 09, 2022

    සිය හමුදාවන්ට "සෙවරඩොනෙට්ස්ක්" නගරයේ ගැටුම් සාර්ථකව මැඩපැවැත්වීමට ඇති හැකියාව හෝ නොහැකියාව මත සමස්ත යුද්ධයේම ඉරණම තීරණය විය හැකි බව, යුක්‍රේන ජනාධිපති ව්ලොදමීර් සෙලෙන්ස්කි පවසනවා.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ, රුසියානු හා යුක්‍රේන හමුදාව අතර "සෙවරඩොනෙට්ස්ක්" නගරයේ තවදුරටත් දරුණු සටන් පවතින බවයි. එම නගරය ආර්ථික හා භූගෝලීය වශයෙන් යුක්‍රේනයේ, නැගෙනහිර ප්‍රදේශයේ අතිශය වැදගත් නගරයක් ලෙස, සැලකෙනවා. ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, මේ වනවිට රුසියානු හමුදාවට දැඩි හානියක් සිදු කිරීමට සිය හමුදා සමත්ව ඇති බවයි. කෙසේ වුව ද, "සෙව‍රඩොනෙට්ස්ක්" නගරයේ වැඩි බලය තවමත් රුසියානු හමුදා සතු බව, ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News