අමෙරිකාව කොවිඩ් ව්‍යාප්තියේ බලපෑමට ලක්වෙයි...

ජූනි 09, 2022

    අමෙරිකාව තවදුරටත් කොවිඩ් වසංගත ව්‍යාප්තියේ බලපෑමට ලක්ව සිටිනවා.

    එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, ජනතාව එන්නත් ලබා ගැනීමට උනන්දු නොවීම රට තුළ බරපතල සෞඛ්‍ය අවදානමක් ඇති කරන බවයි. ගෝලීය අර්බුද රැසක් හේතුවෙන් ජනතාව තුළ කොවිඩ් වසංගතය කෙරෙහි පැවති අවධානය ගිලිහෙමින් පවතිනවා. අමෙරිකාව වැනි රටවල තවමත් වෛරසය සක්‍රීය ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි, වාර්තා වන්නේ. ඉකුත් පැය 24 තුළ එරටින් 96,000කට අධික ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනුණු අතර, එම කාලසීමාව තුළ කොවිඩ් මරණ 283ක් සිදුව තිබෙනවා.
    වෛරසයට එරෙහි, ප්‍රබලම මෙවලම එන්නත බවත්, එමගින් රෝහල් ගතවීම, බරපතල සංකූලතා ඇතිවීම සහ මියයාමේ හැකියාව අවම වන බවත්, වෛද්‍යවරුන් පවසනවා. ලො‍ව බොහෝ රටවලට සාපේක්‍ෂව අමෙරිකාවේ දී කොවිඩ් මර්දන එන්නත් සුලබව ලබාගත හැකියි. තවමත් එරට බොහෝ පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් වී නොමැති අතර, ඊට සැලකිය යුතු උනන්දුවක් පෙන්නුම් නොකිරීමෙන් රට තුළ බරපතල අවදානම් තත්වයක් ඉදිරියේදී යළි ඇති කරනු ඇතැයි සෞඛ්‍ය, විශේෂඥයන් පෙන්වා දෙනවා.

    Latest News