රුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන් ගෝලීය ආහාර වැඩසටහනට අවශ්‍ය ධාන්‍ය සැපයුම ඇණසිටී...

ජූනි 04, 2022

    රුසියාව, යුක්‍රේනය අත්පත් කරගත් භූමියේ පවතින සම්පත්, මුදල් ඉපැයීමට යොදාගෙන තිබෙනවා.

    එහිදී තිරිඟු ඇතුළු ධාන්‍ය වර්ග කෙරෙහි දැඩි අවධානය යොමුකර ඇති බවයි, වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ ගෝලීය ආහාර වැඩසටහනට අවශ්‍ය ධාන්‍ය වර්ග රැසක් යුක්‍රේනයේ වගා කෙරෙනවා. රුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන් එම ධාන්‍ය සැපයුම ඇණසිට තිබෙනවා. ඒ හේතුවෙන් දිළිඳු රටවල් අසීරුතාවකට පත්ව ඇත. ඒ සමග තමන්ට අවශ්‍ය ධාන්‍ය ලබා ගැනීමට රැසියානු රජය සමග ඍජු එකඟතාවකට පැමිණීමට අප්‍රිකානු රටවල් පෙළඹී සිටිනවා. මේ සම්බන්ධයෙන් රැසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් එකඟතාව පළ කර ඇති බව අප්‍රිකානු බලධාරින් පවසනවා.

    මේ අතර, හීලියම් සහ නියෝන් ඇතුළු වායු අපනයනය සඳහා සීමා පැනවීමට රුසියාව තීරණය කර තිබෙනවා. ඒ සමග අමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ නෙදර්ලන්තය ඇතුළු රටවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඇතැම් රටවලට රුසියාවෙන් ආනයනය කෙරෙන හීලියම්, නියෝන් ඇතුලු වායු නොමැතිවීමෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනයට බලපෑම් එල්ලවී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News