2060 වසර වන විට ලොව පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය තුන්ගුණයකින් ඉහළට...

ජූනි 04, 2022

    2060 වසර වන විට ලොව පුරා එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය තුන්ගුණයකින් ඉහළ යා හැකි බව ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානයේ පරිසර ආයතනය පෙන්වා දෙනවා.

    මෙමගින් ගොඩබිම හා මුහුද ආශ්‍රිත ජීවීන්ට මෙන්ම පරිසරයට ද දැඩි බලපෑමක් එලලවනු ඇති. මේ වන විට ටොන් කෝටි 20කට අධික ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගෝලීය වශයෙන් එකතුවී ඇතැයි එම පරිසර ආයතනය පෙන්වා දෙනවා. එහෙත්, ගතවූ වසර 10 තුළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය 12% සිට 40% දක්වා වැඩිවී තිබීම යහපත් ලක්ෂණයක් ලෙසයි එම ආයතනය පවසන්නේ.

    Latest News