තුර්කියේ නම වෙනස් වෙයි

ජූනි 03, 2022

    ඉංග්‍රීසි භාෂාවෙන් ටර්කි (Turkey) ලෙස හඳුන්වනු ලැබූ තුර්කිය සිය නම වෙනස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එරට රජය විසින් සිය නම වෙනස් කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියකින් දැනුම්දී තිබූ අතර එය පිළිගත් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ.

    ඒ අනුව තුර්කිය ඉදිරියේදී හඳුන්වනු ලබන්නේ තුර්කියේ (Türkiye) ලෙස බවයි සඳහන් වන්නේ. 

    Last modified on සිකුරාදා, 03 ජූනි 2022 09:49

    Latest News