අමෙරිකාවෙන් තවත් ඝාතන සිද්ධියක්

ජූනි 02, 2022

    පොදු ස්ථානවලට කඩා වැදී සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමේ තවත් පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

    අමෙරිකාවේ ඔක්ලොහෝමා ප්‍රාන්තයේ රෝහලකට අද කඩා වැදුණු තරුණයෙක් සාමාන්‍ය වැසියන් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

    මීට සතියකට පෙර ද පුද්ගලයෙකු පාසල් ළමුන් 19 දෙනෙකුට සහ ගුරුවරුන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් අමෙරිකාවෙන් වාර්තා විය. ඔක්ලොහෝමාහී සෙන් ෆ්‍රැරැස්සිස් රෝහල තුලදීයි මෙම ඝාතනය සිදුව ඇත්තේ.

    බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි. සැකකරු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී ‍නොමැත. 

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූනි 2022 11:14

    Latest News