රුසියා-යුක්‍රේන හමුදා අතර දරුණු සටන්...

මැයි 31, 2022

    රුසියා-යුක්‍රේන හමුදා අතර යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ දරුණු සටන් පවතින බව වාර්තා වනවා.

    යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි සෙවරඩොනෙට්ස්ක් නගරයට රුසියානු හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. එම ප්‍රහාරවලින් නගරයේ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති අතර, විදුලිය හා සන්නිවේදන කටයුතු ඇණහිට ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශවලට ඊයේ එල්ල කෙරුණු රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 6 දෙනෙකු මියගිය බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News