රුසියානු හමුදා, යුක්‍රේනයේ ලුහාන්ස්ක් පළාත ඉලක්ක කොට ප්‍රහාරයක්...

මැයි 22, 2022

    රුසියානු හමුදා, යුක්‍රේනයේ ලුහාන්ස්ක් පළාත ඉලක්ක කොට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා.

    යුක්‍රේනයේ මරියුපෝල් වරාය නගරයේ සම්පූර්ණ බලය අත්පත් කර ගැනීමෙන් පසු රුසියානු හමුදාවන්ගේ නවතම ඉලක්කගත ප්‍රදේශය බවට ලුහාන්ස්ක් පළාත පත්ව තිබෙනවා. රුසියානු හමුදා මේ වනවිට යුක්‍රේනයේ දොන්බාස් කලාපයේ ද සම්පූර්ණ බලය අත්පත් කරගැනීමට සැලසුම් කරමින් සිටිනවා. එම කලාපයේ ඉතිරිව ඇති යුක්‍රේනියානු පාලන ප්‍රදේශ අත්පත් කර ගැනීමේ අරමුණින් ඊයේ දින සිට රුසියානු හමුදා සිය ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර ඇති බව යුක්‍රේන බලධාරීන් පවසනවා. ලුහාන්ස්ක් පළාත අයත් වන්නේ ද දොන්බාස් කලාපයටයි.

    Last modified on ඉරිදා, 22 මැයි 2022 18:30

    Latest News