ලොස් ඇන්ජලීස්හි කොවීනා බෞද්ධ විහාරය සඟසතු කර පූජා කෙරේ...

මැයි 22, 2022

    අමෙරිකා එක්සත් ජනපදයේ විශාලම බෞද්ධ සිද්ධස්ථානය ලෙස ලොස් ඇන්ජලීස්හි කොවීනා බෞද්ධ විහාරය සඟ සතුකර පූජා කිරීම පසුගියදා සිදු කෙරුණා.

    ඒ, අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. ලොස් ඇන්ජලීස් හි කොවීනා නගරයේ ක්‍රිස්ත්‍රියානි දේවස්ථානයක් ලෙස පැවති මෙම ගොඩනැගිල්ල බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරුණා. ඒ සඳහා දායකත්වය ලබාදී තිබුණේ, ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරයේ බාරකාර මණ්ඩලයේ සභාපති වෛද්‍ය වෝල්ටර් ජයසිංහ හා එම මහත්මියයි.

    උත්සවයට ලොව පුරා වැඩ සිටින මහා සංඝරත්නය නියෝජනය කරමින් භික්‍ෂූන් වහන්සේ පිරිසක් වැඩම කර සිටියා. සිද්ධස්ථානයේ ප්‍රධාන ධර්ම ශාලාව වෛද්‍ය වෝල්ටර් ජයසිංහ සහ අයේෂා ජයසිංහ යන දෙදෙනාගේ නමින් නම් කරනු ලැබුවා. විහාරස්ථානයේ ලේකම් නීතිඥ අජිත් මුණසිංහ හා භාණ්ඩාගාරික මල්කි මුණසිංහ යුවලගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරුණු ධාතු මන්දිරය සඟ සතු කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

    Latest News