ඔස්ට්‍රේලියා නව අගමැති දිවුරුම්දීම හෙට...

මැයි 22, 2022

    ඔස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් කම්කරු පක්‍ෂයේ අපේක්‍ෂක ඇන්තනී ඇල්බනීස් ජයග්‍රහණය කර තිබෙනවා.

    නව අග්‍රාමාත්‍යවරයා හෙට දිවුරුම්දීමට නියමිතයි. ඔහුගේ පක්‍ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවනවා ද, නැත්නම් සංධානගත රජයක් පිහිටුවනවා ද යන්න තවමත් ප්‍රකාශ කර නැහැ. හිටපු අගමැති ස්කොට් මොරිසන්ස්ට ඔහුගේ පාලන කාලය තුළ දැඩි අභියෝග රැසකට මුහුණදීමට සිදුවුණා. එම කාලය තුළ ඔස්ට්‍රේලියාවේ වාර්තාගත ස්වභාවික ව්‍යසන රැසක් ඇතිවුණා. මේ හේතුවෙන් මෙවර මැතිවරණයේදී දේශගුණික විපර්යාස පිටුදැකීම දෙපාර්ශවයේම ප්‍රධාන මැතිවරණ පොරොන්දු බවට පත්වුණා.
    හිටපු අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ දේශගුණික විපර්යාස පිටුදැකීම දෙපාර්ශවයේම ප්‍රධාන මැතිවරණ පොරොන්දු බවට පත්වුණා. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ දේශගුණික විපර්යාස පිටුදැකීමේ ප්‍රතිපත්තිවලට වඩා කම්කරු පක්‍ෂයේ අපේක්‍ෂක ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රතිපත්ති ප්‍රභලවීම ජයග්‍රහණයට මූලික හේතුව බවයි, වි‍ශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
    තේරී පත්වූ නව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ, ඔස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්ති ක්‍ෂෙත්‍රයේ සුපිරි බලවතෙක් කරන බවටයි. ඡන්ද ගණන් කිරීම තවමත් අවසන් වී නොමැති අතර, මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව කම්කරු පක්‍ෂය ආසන 72ක් ලබා තිබෙනවා. පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව 76ක්. ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වන අතර, ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයින්ට දඩ නියම කෙරෙනවා.
    මේ අනුව වසර 09ක් පමණ, ඔස්ට්‍රේලියාවේ පාලනය මෙහෙයවූ ලිබරල් පක්‍ෂයට බලය අහිමිවනවා. ඇල්බනීස්ගේ තේරී පත්වීමත් සමඟ ඉදිරි වසර 03 සඳහා ඔස්ට්‍රේලියාවේ බලය කම්කරු පක්‍ෂයට හිමිවනු ඇති.

    Latest News