යුක්‍රේන හමුදා රුසියානු හමුදාවට සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කරයි...

මැයි 15, 2022

    රුසියානු හමුදාව කර්කිව් නගරයේ බලය අල්ලා ගැනීමේ උත්සහය අතහැර දමා ඇති බව, යුක්‍රේන ආරක්‍ෂක අංශ පවසනවා.

    යුක්‍රේන හමුදා රුසියානු හමුදාවට සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මීට මූලික හේතුවයි. කර්කිව් නගරය බලකොටු නගරයක් ලෙස හඳුන්වන අතර, රුසියානු හමුදාවන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ එම ප්‍රදේශය අත්පත් කරගැනීම බවයි, යුක්‍රේන ආරක්‍ෂක අංශ පවසන්නේ. මාස දෙකකට අධික කාලයක් යුද වැදීමෙන් අනතුරුවත් එහි බලය අත්පත් කරගැනීමට රුසියාවට නොහැකි වී තිබෙනවා. මෙය රුසියානු හමුදාවන්ගේ පසුබැසීමක් ලෙස නොසැලකිය යුතු බවයි, යුද වි‍ශ්ලේෂකයින් පවසන්නේ.

    Latest News