ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කරයි...

මැයි 15, 2022

    ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කර ඇති බව, එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

    දේශීය මිල පාලනය කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ. එරට බලධාරීන් පවසන්නේ තිරිඟු මිල ඉහළ යාමෙන් ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳ ගැටලුවක් පැනනැඟී ඇති බවයි. රුසියානු යුද ගැටුම් මෙයට එක් හේතුවක්. ගෝලීය තිරිඟු අපනයනයෙන් 30%ක් සපයන්නේ යුක්‍රේනය සහ රුසියාවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ මෙම යුද ගැටුම් හේතුවෙන් ලොව පුරා මිලියන 44ක පමණ ජනතාවක් සාගින්න කරා යමින් සිටින බවයි.

    මේ අතර ලොව දෙවැනියට වැඩිම තිරිඟු නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවයි. පසුගිය වසරට සාපේක්‍ෂව එරට තිරිඟු පිටි නිෂ්පාදනය 15%කින් පහළ වැටී ඇති බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ. මෙය ආසියාවේ සහ අප්‍රිකානු දිළිඳු රටවලට අහිතකර ලෙස බලපානු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    Latest News